Posts

Showing posts from July, 2017

සිත සහ චිත්තක්ෂනය

Image
සිත  සහ   චිත්තක්ෂනය පෘතුවියෙහි වූ බිලියන 7.5 ක ජනකායක් විවිධ ආකාරවලින් එකිනෙකාට වෙනස් වේ. නමුත් ඔවුන් අතර බෙදාහදා ගත යුතු එක් දෙයකි.මේ මොහොතේ ජීවත්වීම පිළිබඳ හැගීම යි. සිතක වේගය විස්තර කරන්න අපි දන්න තත්පර  වලින් අමාරුයි. මිනිස් සිතේ වේගය ගැන අදහසක් ගන්න පවා එලෙසම අමාරු යි.ඒ  කෙසේ හෝ වේවා නූතන විද්යාඥයින්ට අනුව එහි වේගය මිනිස් සන්දර්භය තුළ විශාල පරාසයක් සහිත myelinated න්යුරෝන (myelinated neurons) මගින් මාංශ පේශි වෙතට සම්බන්ධ කරන සංඥාවලට තත්පරයට මීටර් 70-120 ක වේගයක් උරුම බව කියයි.එනම් එය පැයට සැතපුම් 156-270 [mph] ක්  වේ. සංකීර්ණත්වය - කෙසේ වෙතත්, තනි "සිතුවිල්ලක වේගය" ප්රමාණනය කිරීම කිසි විටෙක භෞතිකව කල නොහැකි වුවද, සැළසුම් කිරීම මඟින් හා සම්පූර්ණ ක්රියාකාරිත්වය සඳහා ගතවන කාලය විශ්ලේෂණය මගින්, ස්නායු පද්ධතියේ මෙම ක්‍රියාවලීන් පරිපූර්ණව වගේම කාර්යක්ෂමව සිදු කරන ආකාරය පිළිබඳව වැදගත් අවබෝධයක් සපයයි.තවද, සංජානන අක්‍රමිකතා (Cognitive Disorders) ආශ්රිතව සිදුවන වෙනස්කම් පිළිබඳව ද අදහසක් සපයයි. මෙය මානසික ක්‍රියාකාරිත්වයේ කාර්යක්ෂමතාව ලෙස බටහිර විශ්ලේශකයන්ගේ නූතන මත යයි.