Posts

Showing posts from June, 2018

අපේ හෙට දවස සහ නූතන දේශපාලනය

Image
රටක උගත් පිරිස  සාපේක්ෂව සහ ප්‍රාමාණිකව වැඩි කොටසක්  මුදල් උපයයි.මෙතන උගත් යනු අධ්‍යාපන සහතික පමණක්ම නොවේ. ඔවුහු,නිෂ්පාදන ක්‍රියාවලියට උපරිම දායකත්වයක් දෙන පිරිසය.ආසියාවේ සාක්ෂරතාවය අතින් ඉහලින්ම සිටින රටක ජීවත් වන අප,  ආර්ථික විද්‍යාවට අනුව  තවමත් දියුණු වෙමින් පවතින රට කි . මෙයට සෘජුවම බලපාන හේතු අල්පයෙකි.ඉන් ප්‍රධානම සාධකය  නූතන  දේශපාලන න්‍යාය සහ එහි රටාව යි. රටේ මුල් පුරවැසියාගේ සිට අඩියටම අප ස්වයංව සිතිය යුතු කාරණය කි.  ඒ, මේ රට කුඩා ස්වාධීන රාජ්‍යක් බවත් පරිපාලනික වශයෙන් අපට ඉහල ප්‍රතිපත්ති ඇති බවත් ය. නොයෙක් පාට වලින් පක්ෂ තිබුන  ද ඔවුන්ගේ දැක්ම එකම දිශානතියකට තිබිය යුතුම බවත්ය.  නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට ගෘහ සේවිකාවන් ලෙස පිටට විකිණූ මවගෙන් මුදල් හම්බකරගෙන දුවන රටක් ලෙස අප හංවඩු ගැසී අවසන් ය. දකුණු ආසියාවෙන් අරාබි කරයට  වහල් ගෘහ සේවිකාවන්  ලෙස අපනයනය කරන රටවල් අතර අපි ඉහලින්ම සිටී .අසල්වැසි ඉන්දියාව සහ පකිස්ථානය  ද  එසේ නොකර යි. නේපාලය,බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අන්ත දුගී ගෘහ සේවිකාව විකුණන් කන  දකුණු ආසියාතික  රටවල්ය.  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව 2017 වසරේ දී