Posts

Showing posts from December, 2017

සෙල්ෆී නම් මානසික ව්‍යාධිය [Selfie Mania]

Image
සෙල්ෆී ඉතිහාස කථාව ගැන දැන ගනිමු (The history of selfie culture) තමාගේම චිත්‍රයක් සෙල්ෆී ආකාරයෙන් ඉතිහාසයේ පලමුව හමුවෙන්නේ Parmigianino (1503-1540) නම් ඉතාලි ජාතික ච්ත්‍ර ශිල්පියා ගෙනි.එය උත්තල කැඩපතක් හරහා ලබා ගත් තමාගේම රුව ලෙස නම් කර ඇත (Self-portrait in a convex mirror – in 1524). මෑත ඉතිහාසයේ සෙල්ෆී ආකාරයෙන් ගත් ඡායාරූපයක් හමුවෙන්නේ රොබර්ට් කොර්නිලස් (Robert Cornelius) යන ඇමරිකානු ඡායාරූප ක්ෂේශ්ත්‍රයේ පුරෝගාමියා  1839 දී තම නිෂ්පාදනයක් වූ Daguerreotype කැමරාවෙන් ඔහුගේම ඡායාරූපයක් ගත් අවස්ථාවකි. මේ දිනවල කවුරුත් කරන සෙල්ෆී කථාව ගැන දැන ගනිමු (the rise of selfie culture). ඔබ ඇත්තටම සෙල්ෆී ලෝලියෙක් නම් මේ කථාව ගැන දැන ගැනීම වඩාත් යොග්‍ය යැයි සිතමි. සෙල්ෆී යනු පුද්ගලයෙකුගේ ඡායාරූපයක් සහ එය ඔහු විසින්ම ඉතා ලඟ කෝණයක් හරහා රූපගත කරන ලද්දක්.ඇත්තටම මේ වචනය ව්‍යවහාරිකව අප අතරට පැමිණිය ද ලිඛිතව ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝශයේ 2013 (Oxford Dictionary 2013 edition) වසරේ සිට අප හට  දායාද විය. එය මෙසේ සඳහන් වෙයි. “When an individual holds a camera or smartphone at a