Posts

Showing posts from October, 2019

දූෂණයෙන් හරස්කඩක් {ශ්‍රී ලංකාව}

Image
Source: www.interpol.int ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානය හෙවත් International Criminal Police Organization (𝗜𝗡𝗧𝗘𝗥𝗣𝗢𝗟) විසින් දූෂණය මෙසේ විස්තර කර ඇත (කළු අකුරින්). ලාංකික අපට කෙසේ ගැලපෙනවා ද? එකින් එක ගෙන, සරලව බලමු. 𝗬𝗼𝘂, 𝘁𝗵𝗲 𝗲𝗰𝗼𝗻𝗼𝗺𝘆, 𝗰𝗼𝗺𝗽𝗮𝗻𝗶𝗲𝘀 𝗮𝗻𝗱 𝗲𝗻𝘁𝗶𝗿𝗲 𝗻𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝗰𝗮𝗻 𝗮𝗹𝗹 𝗯𝗲 𝗮𝗳𝗳𝗲𝗰𝘁𝗲𝗱 𝗯𝘆 𝗰𝗼𝗿𝗿𝘂𝗽𝘁𝗶𝗼𝗻. ඔබ, ආර්ථිකය, සමාගම් සහ සමස්ත ජාතීන් සියල්ලම දූෂණයට ගොදුරු විය හැකිය. [ මේ වන විට ශ්‍රී ලාංකික අප නම් පුරා දසක හතක සිට බැට කමින් ය. ඉහත කියමන නිවැරදි ය. අප ඔප්පු කරමින් ය ] 𝗖𝗼𝗿𝗿𝘂𝗽𝘁𝗶𝗼𝗻 𝗶𝘀 𝘂𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗮𝗹. 𝗜𝘁 𝗮𝗳𝗳𝗲𝗰𝘁𝘀 𝗮𝗹𝗹 𝗿𝗲𝗴𝗶𝗼𝗻𝘀 𝗼𝗳 𝘁𝗵𝗲 𝘄𝗼𝗿𝗹𝗱 𝗮𝗻𝗱 𝗮𝗹𝗹 𝗹𝗲𝘃𝗲𝗹𝘀 𝗼𝗳 𝘀𝗼𝗰𝗶𝗲𝘁𝘆, 𝗯𝘂𝘁 𝘁𝗵𝗲 𝗶𝗺𝗽𝗮𝗰𝘁 𝗶𝘀 𝗴𝗿𝗲𝗮𝘁𝗲𝘀𝘁 𝗶𝗻 𝗱𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗶𝗻𝗴 𝗰𝗼𝘂𝗻𝘁𝗿𝗶𝗲𝘀. දූෂණය විශ්වීය යි, එය ලෝකයේ සෑම ප්‍රදේශයකටම සහ සමාජයේ සෑම තරාතිරමකටම බලපාන නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම බලපෑම විශාලතම වේ. [ සංවර්ධනය වන රටවල් අතර අප තවමත් වැජඹෙමින් ය. සෑම විට

ලාංකික අප, පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම්

Image
පර්යේෂණ හා සංවර්ධන | Research & Developments (R&D) පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් ඕනෑම රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ නව්‍යකරණයට තුඩු දෙන සමස්ත ක්‍රියාවලියක පලමු පියවර හෙයිනි. ඔබ දන්නා පරිදි, නූතන ලෝකයේ එකිනෙකා පරදා බිහිවෙන නිෂ්පාදනයන් සඳහා නවෝත්පාදනය ඉතා වැදගත් ය. එනයින් ඕනෑම රටක පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් ගෙන එන්නේ කෙසේද සහ ක්‍රියාත්මක කළ යුතු උපායමාර්ගය කුමක්දැයි ඔබ කල්පනා කළ යුතුය. R&D කටයුතු සඳහා වන ගෝලීය වියදම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.7 ක වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වී තිබේ. එයින් රටවල් 10 ක් පමණ 80% ක් වියදම් කරයි. තිරසාර සංවර්ධන ඉලක්කවල කොටසක් ලෙස, 2030 වන විට රාජ්‍ය හා පෞද්ගලික පර්යේෂණ හා සංවර්ධන වියදම් මෙන්ම පර්යේෂකයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි කිරීමට රටවල් ප්‍රතිඥා දී තිබේ.මෙම තිරසාර සංවර්ධන අරමුණු වල ප්‍රධාන ඉලක්කයෙ හි ගෝලීය ප්‍රගතිය නිරීක්ෂණය කරන යුනෙස්කෝ සංඛ්‍යාලේඛන ආයතනයේ UNESCO Institute for Statistics (UIS) නවතම දත්ත ගවේෂණය කරන්න. Source: uis.unesco.org පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා රටක ඇති කැපවීම තක්සේරු කිරීමට,