දූෂණයෙන් හරස්කඩක් {ශ්‍රී ලංකාව}


Source: www.interpol.int
ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානය හෙවත් International Criminal Police Organization (𝗜𝗡𝗧𝗘𝗥𝗣𝗢𝗟) විසින් දූෂණය මෙසේ විස්තර කර ඇත (කළු අකුරින්). ලාංකික අපට කෙසේ ගැලපෙනවා ද? එකින් එක ගෙන, සරලව බලමු.

𝗬𝗼𝘂, 𝘁𝗵𝗲 𝗲𝗰𝗼𝗻𝗼𝗺𝘆, 𝗰𝗼𝗺𝗽𝗮𝗻𝗶𝗲𝘀 𝗮𝗻𝗱 𝗲𝗻𝘁𝗶𝗿𝗲 𝗻𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝗰𝗮𝗻 𝗮𝗹𝗹 𝗯𝗲 𝗮𝗳𝗳𝗲𝗰𝘁𝗲𝗱 𝗯𝘆 𝗰𝗼𝗿𝗿𝘂𝗽𝘁𝗶𝗼𝗻. ඔබ, ආර්ථිකය, සමාගම් සහ සමස්ත ජාතීන් සියල්ලම දූෂණයට ගොදුරු විය හැකිය.
[මේ වන විට ශ්‍රී ලාංකික අප නම් පුරා දසක හතක සිට බැට කමින් ය. ඉහත කියමන නිවැරදි ය. අප ඔප්පු කරමින් ය]

𝗖𝗼𝗿𝗿𝘂𝗽𝘁𝗶𝗼𝗻 𝗶𝘀 𝘂𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗮𝗹. 𝗜𝘁 𝗮𝗳𝗳𝗲𝗰𝘁𝘀 𝗮𝗹𝗹 𝗿𝗲𝗴𝗶𝗼𝗻𝘀 𝗼𝗳 𝘁𝗵𝗲 𝘄𝗼𝗿𝗹𝗱 𝗮𝗻𝗱 𝗮𝗹𝗹 𝗹𝗲𝘃𝗲𝗹𝘀 𝗼𝗳 𝘀𝗼𝗰𝗶𝗲𝘁𝘆, 𝗯𝘂𝘁 𝘁𝗵𝗲 𝗶𝗺𝗽𝗮𝗰𝘁 𝗶𝘀 𝗴𝗿𝗲𝗮𝘁𝗲𝘀𝘁 𝗶𝗻 𝗱𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗶𝗻𝗴 𝗰𝗼𝘂𝗻𝘁𝗿𝗶𝗲𝘀. දූෂණය විශ්වීය යි, එය ලෝකයේ සෑම ප්‍රදේශයකටම සහ සමාජයේ සෑම තරාතිරමකටම බලපාන නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම බලපෑම විශාලතම වේ.
[සංවර්ධනය වන රටවල් අතර අප තවමත් වැජඹෙමින් ය. සෑම විටම අප උදාහරණයට ගන්නා සිංගප්පූරුව, දකුණු කොරියාව, වියට්නාමය වැනි රටවල තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් වෙමින් ය. ඔවුහු දියුණුවෙමින් සහ දියුණු වී අවසන් ය, එනම් සාමාජීය, ආර්ථිකමය සහ දේශපාලනිකව යන ප්‍රධාන කරුණු වලින් ඔවුන් ඉතා ඉදිරියෙන් ය. ඉහත කියමන නිවැරදි ය. අප ඔප්පු කරමින් ය]

𝐓𝐡𝐞 𝐞𝐟𝐟𝐞𝐜𝐭𝐬 𝐨𝐟 𝐜𝐨𝐫𝐫𝐮𝐩𝐭𝐢𝐨𝐧 𝐚𝐫𝐞 𝐟𝐚𝐫-𝐫𝐞𝐚𝐜𝐡𝐢𝐧𝐠: 𝐢𝐭 𝐜𝐚𝐧 𝐮𝐧𝐝𝐞𝐫𝐦𝐢𝐧𝐞 𝐩𝐨𝐥𝐢𝐭𝐢𝐜𝐚𝐥, 𝐬𝐨𝐜𝐢𝐚𝐥 𝐚𝐧𝐝 𝐞𝐜𝐨𝐧𝐨𝐦𝐢𝐜 𝐬𝐭𝐚𝐛𝐢𝐥𝐢𝐭𝐲, 𝐚𝐧𝐝 𝐮𝐥𝐭𝐢𝐦𝐚𝐭𝐞𝐥𝐲 𝐭𝐡𝐫𝐞𝐚𝐭𝐞𝐧 𝐭𝐡𝐞 𝐬𝐚𝐟𝐞𝐭𝐲 𝐚𝐧𝐝 𝐬𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 𝐨𝐟 𝐬𝐨𝐜𝐢𝐞𝐭𝐲 𝐚𝐬 𝐚 𝐰𝐡𝐨𝐥𝐞. දූෂණයේ බලපෑම් දුරදිග යන ඒවා ය: එය දේශපාලන, සමාජීය හා ආර්ථික ස්ථාවරත්වයට වල කපයි, අවසානයේ සමස්තයක් ලෙස සමාජයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය.
[අප කාටත් මතක, දේශපාලකයා අමතක කරමින් සිටිනා පාස්කු ප්‍රහාරය මීට කදිම නිදසුනකි. චන්ද්‍රිකා, හෝ රාජපක්ෂ හෝ, සිරිසේන හෝ, ප්‍රේමදාස, හෝ රනිල්, හෝ කවුරුන්, හෝ බලයේ රැඳී සිටිය ද අපට වුනු සෙතක් නැත. මෙය පුද්ගල සංසිද්ධියක් නොවේ ය. රාජ්‍යයක නීතිය වල් වැදි ඇති නම් ඉතා සරලව ඊනියා ගෝලීය ත්‍රස්ථයින් හිස ඔසවන්නේ ය. අමතරව, ආගමක නාමයෙන් මෙතෙක් ප්‍රාමාණිකව වැඩිම ත්‍රස්තයින් හෝ ත්‍රස්ථ කල්ලි බිහිවෙමින් තිබෙන්නේ අප කවුරුත් දන්නා එක් ආගමික පරිසරයකින් ය. මෙය ප්‍රසිද්ධ රහස කි. ලාංකික දේශපාලනික පරිසරය තුල කුඩා කණ්ඩායම් වලින් සැදෙන මධ්‍යම රජයට වැඩි බලපෑමක් කරන මේ සංවිධාන වලට පහසුකම් සපයන දේශපාලනික හස්තයන් නිසා නිසා සමස්ථ රටම අනතුරට යමින් ය. දේශපාලකයන්ට මිලියන ගණනින් මැදපෙරදිග මුදල් ගලා එමින් ය. එනයින් ආරක්ෂාවක් අපට නැත. ඉහත කියමන නිවැරදි ය. අප ඔප්පු කරමින් ය]

𝐂𝐨𝐫𝐫𝐮𝐩𝐭𝐢𝐨𝐧 𝐜𝐫𝐞𝐚𝐭𝐞𝐬 𝐚 𝐟𝐞𝐫𝐭𝐢𝐥𝐞 𝐠𝐫𝐨𝐮𝐧𝐝 𝐟𝐨𝐫 𝐨𝐫𝐠𝐚𝐧𝐢𝐳𝐞𝐝 𝐜𝐫𝐢𝐦𝐢𝐧𝐚𝐥 𝐚𝐜𝐭𝐢𝐯𝐢𝐭𝐢𝐞𝐬, 𝐞𝐯𝐞𝐧 𝐭𝐞𝐫𝐫𝐨𝐫𝐢𝐬𝐦, 𝐚𝐬 𝐜𝐫𝐢𝐦𝐢𝐧𝐚𝐥𝐬 𝐚𝐫𝐞 𝐚𝐢𝐝𝐞𝐝 𝐢𝐧 𝐭𝐡𝐞𝐢𝐫 𝐢𝐥𝐥𝐞𝐠𝐚𝐥 𝐚𝐜𝐭𝐢𝐯𝐢𝐭𝐢𝐞𝐬 𝐛𝐲 𝐭𝐡𝐞 𝐜𝐨𝐦𝐩𝐥𝐢𝐜𝐢𝐭𝐲 𝐨𝐟 𝐜𝐨𝐫𝐫𝐮𝐩𝐭 𝐩𝐮𝐛𝐥𝐢𝐜 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥𝐬. දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහයෙන් අපරාධකරුවන්ට ඔවුන්ගේ නීති විරෝධී කටයුතුවලට සහාය වන බැවින් දූෂණය සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් සඳහා ත්‍රස්තවාදයට පවා සාරවත් පදනමක් නිර්මාණය කරයි.
[මෑත කාලයේ දී ඊනියා ජනමාධ්‍යය හරහා තරු බවට පත් වූ පාතාල නායකයින්, මත්ද්‍රව්‍යය වෙලෙන්දන්, සහ දේශපාලකයන් අතර ඇත්තේ ඉතා සමීප ඇසුරන් ය. කදිම උදාහරණ වන්නේ මීගමුව ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය මත්ද්‍රව්‍යය ගෙන් වූ ඔහු අද පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙකි. තවද, මීට ටික කලකට ඉහත දී ව්‍යවහාරික නමින් “කුඩු” නිසා ප්‍රසිද්ධියේ වෙඩි හුවමාරු කර ගත් ඇමතිතුමන් දෙනමකින් කෙනෙක් පරලොව ගිය අතර අනෙකා දෙලොවක් අතරට ගියේය. හිටපු නීතිපතිවරයාට පවා දූෂණ චෝදනා ඇති නිසා නීතිය විසින් අපව වල්මත් කරමින් ය. අපට කාගේ සරණක් ද? ඉහත කියමන නිවැරදි ය. අප ඔප්පු කරමින් ය]

𝐄𝐜𝐨𝐧𝐨𝐦𝐢𝐜 𝐠𝐥𝐨𝐛𝐚𝐥𝐢𝐳𝐚𝐭𝐢𝐨𝐧 𝐡𝐚𝐬 𝐦𝐚𝐝𝐞 𝐜𝐨𝐫𝐫𝐮𝐩𝐭𝐢𝐨𝐧 𝐚 𝐛𝐨𝐫𝐝𝐞𝐫𝐥𝐞𝐬𝐬 𝐜𝐫𝐢𝐦𝐞. 𝐓𝐡𝐞 𝐜𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐢𝐯𝐞 𝐰𝐨𝐫𝐥𝐝 𝐨𝐟 𝐢𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐛𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐜𝐚𝐧 𝐥𝐞𝐚𝐯𝐞 𝐜𝐨𝐦𝐩𝐚𝐧𝐢𝐞𝐬 𝐞𝐱𝐩𝐨𝐬𝐞𝐝 𝐭𝐨 𝐛𝐫𝐢𝐛𝐞𝐬 𝐚𝐧𝐝 𝐟𝐫𝐚𝐮𝐝𝐮𝐥𝐞𝐧𝐭 𝐟𝐢𝐧𝐚𝐧𝐜𝐢𝐚𝐥 𝐩𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐞𝐬. ආර්ථික ගෝලීයකරණය දූෂණය දේශසීමා රහිත අපරාධයක් බවට පත් කර තිබේ. තරඟකාරී ලෝකයේ ජාත්‍යන්තර ව්‍යාපාර විසින් සමාගම් අල්ලස් හා වංචනික මූල්‍ය භාවිතයන්ට නිරාවරණය කර දැමිය හැක.
[මේ බව අපට යහමින් පාඩමක් කියා දුන් ඔහුව අමතක කල හැකි ද? සිංගප්පූරුවෙන් පැමිණ රාජ්‍යය බැංකුවකින් ණයක් ගෙන ඒ ණය හරහාම මහ බැංකු බැඳුම්කර මිලට ගෙන අපටත් කොකා පෙන්වමින් බිලියන ගණනක වංචාවක් මහ දවාලේ කලේ අපේම දේශපාලකයින් සමඟින් බව අමතක නැත. ඔවුන් මේ මොහොතේ ද මැති ඇමති වරුන් ය. පෞද්ගලික සමාගම් වල සභාපතිධූර දරමින් ව්‍යාපාර ගොඩනගමින් ය. ඉහත කියමන නිවැරදි ය. අප ඔප්පු කරමින් ය]

𝐂𝐨𝐫𝐫𝐮𝐩𝐭 𝐭𝐫𝐚𝐧𝐬𝐚𝐜𝐭𝐢𝐨𝐧𝐬 𝐜𝐚𝐧 𝐜𝐫𝐨𝐬𝐬 𝐦𝐮𝐥𝐭𝐢𝐩𝐥𝐞 𝐣𝐮𝐫𝐢𝐬𝐝𝐢𝐜𝐭𝐢𝐨𝐧𝐬, 𝐦𝐚𝐤𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐞𝐧𝐬𝐮𝐢𝐧𝐠 𝐩𝐨𝐥𝐢𝐜𝐞 𝐢𝐧𝐯𝐞𝐬𝐭𝐢𝐠𝐚𝐭𝐢𝐨𝐧 𝐛𝐨𝐭𝐡 𝐭𝐢𝐦𝐞-𝐜𝐨𝐧𝐬𝐮𝐦𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐱. දූෂිත ගනුදෙනු සඳහා විවිධ අධිකරණ සීමාවන් ඉක්මවා යා හැකි අතර, පසුව සිදුවන පොලිස් විමර්ශනය කාලය ගතවන හා සංකීර්ණ කාර්‍යයක් වේ.
[විශ්‍රාමික විඝණකාධිපති විසින් වාර්තාකල ලොමු ඩැහැගැන්වෙන කරුණක් පමණක් ඉදිරිපත් කරමි. මෙතුවක් ගත් ණය කන්දරාවේ වටිනාකම ආසන්නව රු.ට්‍රිලියන 11කි. එයින් ගිණුම් ගත වී ඇති ප්‍රමාණය ආසන්නව රු.ට්‍රිලියන 1.8 කි. ඉතිරිය ගැන සඳහනක් නැත. එනම් ආසන්න රු.ට්‍රිලියන 9.2ක ප්‍රමාණයට සිදු වූයේ කුමක් ද? දේශපාලකයා තම පෞද්ගලික ගිණුම් පුරවමින් වගේම ජාත්‍යන්තර ආයෝජන කරමින් ය. වගකිව යුත්තෝ මේ වන විට බල අරගලයක ය, ඒ 2020 ජනපතිවරණයකට ය. ඔබේත් මගේත් සුන්දර අනාගතය ගැන ඉරණම දේශපාලන පවුල් විසින් විසඳුවා ද? මේ වන විට ඊනියා නිදහසේ සිට අවුරුදු 71 ක් ගොසින් ය. අපට හෙටක් තිබේ ද? නමුත් සමහර ළපටි දේශපාලක දුවා දරුවනට නම් “තාරුණ්‍යට හෙටක්” ය. මීට සමාන්තරව මන්දපෝශණයෙන් ළමුන් මිය යමින් ය. ඉහත කී අයුරින් ලිපි ගොණු උඩ එමින් නැවතත් තාජුදීන් ගේ සිරුරත් සමඟම පොළව යටට යමින් ය. පසුගිය කාලය පුරාවටම පොලිස් විමර්ෂන හෝ එෆ්.සී.අයි.ඩී හෝ ලෙස යම් යම් නාට්‍යයන් රඟ දැක්වී ය. නමුත් කඩින් කඩ නතර විය. පරීක්ෂණ ඉතා සංකීර්ණ විය. සියල්ල අතර මගදී නතර විය,ඒ අප ඇත්තටම එහි ප්‍රතිඵලයන් තවමත් නොදන්නේ ය. ඉහත කියමන නිවැරදි ය. අප ඔප්පු කරමින් ය]

තොරතුරු: www.interpol.int/en/Crimes/Corruption වෙබ් පිටුව.
———
දූෂණ සංජානන දර්ශකය [𝗖𝗼𝗿𝗿𝘂𝗽𝘁𝗶𝗼𝗻 𝗣𝗲𝗿𝗰𝗲𝗽𝘁𝗶𝗼𝗻𝘀 𝗜𝗻𝗱𝗲𝘅]

1995 දී ආරම්භයේ සිටම, 𝗧𝗿𝗮𝗻𝘀𝗽𝗲𝗿𝗮𝗻𝗰𝘆 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 හි ප්‍රමුඛතම පර්යේෂණ නිපැයුම වන දූෂණ සංජානන දර්ශකය හෙවත් Corruption Perceptions Index (CPI) රාජ්‍ය අංශයේ දූෂණය පිළිබඳ ප්‍රමුඛ ගෝලීය දර්ශකය බවට පත්ව ඇත. ලොව පුරා සිටින රටවල් සහ භූමි ප්‍රදේශයන්හි සාපේක්ෂ දූෂණයේ වාර්ෂික දර්ශකයක් මෙමඟින් ඉදිරිපත් කරයි. 2012 දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් CPI දර්ශකය තැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේදය සංශෝධනය කළේ වසරක සිට ඊළඟ වසර දක්වා ලකුණු සංසන්දනය කිරීමට ඉඩ සලසමිනි. 2018 දී රටවල් 180 ක සහ ගෝලීය වශයෙන් වෙන්කරන ලද ප්‍රදේශ වල රාජ්‍ය අංශයේ දූෂණ මැනීම සඳහා මෙම ආයතනය විසින් සමීක්ෂණ 13 ක් ඔස්සේ ආර්ථික විශේෂඥයින් විසින් විශ්ලේෂණය කිරීම සිදුකල අතර, මෙහි CPI අගයන් ලකුණු බිංදුවෙන් (ඉතා දූෂිත) සිට 100 දක්වා (ඉතා පිරිසිදු) ලෙස ගනු ලැබී ය.

Source: www.transparency.org

සමස්ථ ප්‍රතිඵලය ලෙස රටවල් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් මේ වසරේ CPI අගය 50 ට වඩා අඩු අගයක් ගෙන ඇත, සාමාන්‍ය ලකුණු 43 ක් පමණි. බොහෝ රටවල් දූෂණය සැලකිය යුතු ලෙස පාලනය කිරීමට අසමත් වීම නිසා ලොව පුරා “ප්‍රජාතන්ත්‍රවාදය” අර්බුදයකට බඳුන් වී ඇති බව එයින් හෙළි වේ. පසුගිය වසර හත තුළ එස්තෝනියාව, සෙනෙගල්, ගයනා සහ කෝට් ඩි අයිවෝයර් ඇතුළු රටවල් 20 ක් පමණක් ඔවුන්ගේ CPI ලකුණු සැලකිය යුතු ලෙස වැඩි දියුණු කර තිබේ. ඕස්ට්‍රේලියාව, චිලී, මෝල්ටාව, හංගේරියාව සහ තුර්කිය ඇතුළු රටවල් 16 ක් ඔවුන්ගේ ලකුණු සැලකිය යුතු ලෙස අඩු කර තිබේ. මේ ක්‍රියාපටිපාටිය සඳහා නිදහස් කිරීම් තිබියදී පවා (Exemptions) මෙම දත්ත හරහා පෙන්නුම් කරන්නේ යම් ප්‍රගතියක් ඇතත්, බොහෝ රටවල් දූෂණයට එරෙහිව බරපතල ලෙස බලපෑම් කිරීමට අසමත් වන බවයි.සමස්ථ ප්‍රතිඵලය එසේ නම් අප මව්භූමිය දෙසට අවධානය යොමු කරමු. ආසියා පැසිෆික් කලාපය තුල පමණක් ලොව සියලූම රාජ්‍යයන් වලින් දෙවන සහ තෙවන ස්ථානයන් පිළිවෙලින් නවසීලන්තය සහ සිංගප්පූරුව ලබා ගන්නා විට අප 89 වන ස්ථානයේ ය. මෙය ඔබට මහඟු අර්ථයක් ලබා දෙයි. පහත වගුවේ සවිස්තරයන් හරහා අපේ වර්ථමාන තත්ත්වය අවබෝධ වේවි. මේ අගය ආසියා පැසිෆික් කලාපයේ මෙලෙසින් පෙන්ව යි.
Source: www.transparency.org
2018 වසරේදී පර්යේෂණ විශ්ලේෂණයන් විසින් පෙන්නුම් කරන්නේ දූෂණය සහ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර අන්‍යෝන්‍යය සහ- සම්බන්ධයක් ඇති බවයි. එනම්, දූෂණය ඉහළ අනුපාතයක් ඇති රටවල් සමස්ථයක් ලෙස දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ වැඩි දේශපාලන අයිතිවාසිකම් පමණ ක් ඇති බවක් ය.CPI අගය 50 ට අඩුවෙන් ලබා ගන්නා රටවල් තුල පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැත. ඒ හා සමානවම, අත්තනෝමතික ලක්ෂණ ඇති සහ දෝෂ සහිත ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවා ගත් රටවල් වල ද මෙම අගය 50 ට ද වඩා අඩු ය.
Source: www.transparency.org
මෙයින් ගම්‍යය වන්නේ එක දෙය කි, පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් මිස Hybrid Regime තව දුරටත් ප්‍රායෝගික නොවන තත්ත්වය කි. නමුත් පසුගිය වසර ගණනාවකම අපට උරුම වූයේ දෙමුහුන් තන්ත්‍රයක් මිස ප්‍රජාතන්ත්‍රයක් නොවේ ය, එනයින් අප තවමත් දියුණුවෙමින් පවතින රාජ්‍යය කි. යම් කිසි කාල පරාසයකට හෝ රටේ දියුණුවට සමගාමීව සහ දූෂණයට එරෙහිව යම් යම් දැඩි නීතිමය ක්‍රියාකාරකම් සිදුවිය යුතු බවකි. තවද සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයක් සහ රාජ්‍ය අංශයේ දූෂණයට එරෙහිව සාර්ථකව සටන් කිරීම අතර මෙම පර්යේෂණය පැහැදිලි සම්බන්ධයක් ඇති කරයි. ප්‍රජාතන්ත්‍රවාදී පදනම් දුර්වල වී ඇති තැන දූෂණය බොහෝ සෙයින් සමෘධිමත් වන අතර බොහෝ රටවල ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ජනතාවාදී දේශපාලකයින්ට එය ඔවුන්ගේ වාසියට යොදා ගත හැකිය. ලොව පුරා ජනතාවාදී වේදිකාවක් මත දිවෙන දේශපාලන නායකයින් නැවත නැවතත් බලය ලබා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කරයි. ඉහළ දූෂණ අනුපාත සහිත ඊනියා ජනතාවාදී අපේක්ෂකයින් සඳහා වැඩි සහ පොදු සහයෝගයක් ලබාගත හැකි වන්නේ උපයා ගත් දූෂිත මිල මුදල් නැවත ආයෝජනය කිරීම තුලිනි. මෙය ලොව පුරාම වූ පොදු සහ අත්තනෝමතික තත්ත්වය කි. ඊනියා ප්‍රජාතාන්ත්‍රික මුහුණුවරක් හරහා මෙරටේ දූෂණයෙන් පිරි පාලනය ගැන ලොවම දනී. මෙය කිසිසේත්ම සැඟවිය නොහැක්ක කි.
   
නිර්දේශ | 𝗥𝗲𝗰𝗼𝗺𝗺𝗲𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻𝘀 

දූෂණය නැවැත්වීමට සහ ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සියලූම රජයන්ගෙන් මූලිකවම ඉල්ලා සිටින්නේ පහත කරුණු ය.  

  • දේශපාලන බලය සංවරණය සහ තුළනය කිරීමේ වගකීම සඳහා පිහිටුවා ඇති සියලු ආයතන ශක්තිමත් කර ඒවා බලපෑම් සහ බාධාවන්ගෙන් තොරව නිසි පරිදි  ක්‍රියාත්මක වන බවට සහතික කිරීම;
  • දූෂණ විරෝධී නීති සහ එය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම අතර පවත්නා පරතරය දුරු කිරීම;
  • දේශපාලන ක්‍රියාකාරකම් සහ රාජ්‍ය වියදම් පිළිබඳ දේශීය වශයෙන් අධීක්ෂණය කරන සිවිල් සංවිධාන සවිබල ගැන්වීම;
  • මාධ්‍ය ආයතන වල ස්වාධීන පැවැත්මට සහය දීම සහ මාධ්‍යවේදීන් හට බියෙන් සහ හිරිහැර වලින් තොරව වාර්තාකරණය සිදු කළ හැකි පරිසරයක් සහතික කිරීම.

Source: www.transparency.org
———

බෙනාමි ගනුදෙනු (තහනම් කිරීමේ) පනත, 𝟭𝟵𝟴𝟴 [ 𝗕𝗲𝗻𝗮𝗺𝗶 𝗧𝗿𝗮𝗻𝘀𝗮𝗰𝘁𝗶𝗼𝗻𝘀 (𝗣𝗿𝗼𝗵𝗶𝗯𝗶𝘁𝗶𝗼𝗻) 𝗔𝗰𝘁, 𝟭𝟵𝟴𝟴]

බෙනාමි ගනුදෙනු (තහනම් කිරීමේ) පනත 1988 යනු ඉන්දියානු පනතක් වන අතර එය ඇතැම් ආකාරයේ මූල්‍ය ගනුදෙනු තහනම් කරයි. මෙම පනත මගින් ‘බෙනාමි’ ගනුදෙනුවක් අර්ථ දැක්වෙන්නේ කවරකු හෝ සඟවපු හෝ අයිතිය තහවුරු නොකරපු දේපලක් හෝ මූල්‍යමය ගනුදෙනුවක් ය. මෙවැනි ගනුදෙනු ඉන්දියානු ආර්ථිකයේ සාමාන්‍යය අංගයක් වූ අතර එය සාමාන්‍යයෙන් දේපල මිලදී ගැනීම (දේපල වෙළඳාම්) හා සම්බන්ධ වූ අතර ඉන්දියානු කළු සල්ලි සුදු කිරීමේ ගැටලුවට කදිම විසඳුමක් ලෙසට දායක වී ඇති බව විශ්වාස කෙරිණි. මෙම පනත මගින් සියලු බෙනාමි ගනුදෙනු තහනම් කර ඇති අතර කිසිදු වන්දියක් නොගෙවා බෙනාමි හි දේපල ආපසු අයකර ගැනීමට රජයට අයිතිය ලබා දී ඇත. ලාංකික අපට මෙය ගැලපේ යැයි සිතේ.

———-
අය-වැය හිඟ ඉලක්ක 

අයවැය හිඟ ඉලක්ක සපුරා ගැනීමට වර්තමාන රජය නිරන්තරයෙන් අසමත් වීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ බදු ආදායම සම්බන්ධ ගැටළු ය.පසුගිය දශක දෙක තුළ හෝ ඊට වැඩි කාලයකදී, ශ්‍රී ලංකාවේ බදු ආදායම හා දළ දේශීය නිෂ්පාදිත අනුපාතය ලෝකයේ අඩුම අගය අතරට පැමිණ තිබේ. 2014 දී දළ දේශීය නිෂ්පාදිතයට බදු අනුපාතය සියයට 10.1 දක්වා පහත වැටුණි; එතැන් සිට බදු ආදායම වැඩි කිරීම සඳහා නොයෙකුත් උත්සාහයන් දරා ඇත. එම අවධානයට ස්තූතිවන්ත වන්නට, බදු ආදායම 2017 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.6 ක් දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, බදු ආදායම දළ දේශීය නිෂ්පාදිත අනුපාතය 2018 දී තවත් සුළු අඩුවීමක් පෙන්නුම් කළ අතර එය සියයට 11.9 දක්වා පහත වැටුණි. බොහෝ දුරට බාහිර වෙළඳාමෙන් බදු ආදායම අඩු වීම ඊට හේතුවයි. කෙසේ වෙතත්, 2019 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.3 ක් දක්වා බදු ආදායම ඉහළ නැංවිය හැකි බවට රජය සුබවාදී වන අතර අයවැය හිඟය සියයට 4.4 ක් සපුරා ගැනීම බොහෝ දුරට රඳාපවතින්නේ එය සාක්ෂාත් කර ගැනීම මත ය.එය ශුභවාදී ඉලක්කයක් ලෙස පෙනෙන්නට තිබුණ ද, මෑතකදී හඳුන්වා දුන් දේශීය ආදායම් පනත මඟින් ආදායම් බදු එකතු කිරීම සැලකිය යුතු ලෙස වැඩි කිරීමට හේතු වුවහොත් එය ඉවත් කර ගැනීමට රජයට හැකි වනු ඇත. නමුත් ඔවුනට ඇත්තේ තවත් දින 150කට අඩු කාලයකි. එනම් 2020 දී පත්වීමට නියමිත නව රජය සතු විශාලම අභියෝගය වන්නේ මෙය යි. එතෙක් අප බලා සිටින්නෙමු.

Source: thediplomat.com

තොරතුරු: ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සහ 
thediplomat.com වෙබ් පිටුව.

———-

සාම්ප්‍රදායික ඔබ සහ කූට දේශපාලකයා

මේ සොඳුරු දිවයින එක තැන පල්වෙමින් වූ තුන්වන ලෝකයේ දියුණුවෙමින් පවතින රටකි. පනස්වන දශකයේ ආර්‍රථිකමය අතින් අපට වඩා ගවු ගණනක් පසු පසින් සිටි ආසියානු රටවල් මේ වන විට ගවු ගණනක් අපට වඩා ඉදිරියට ගොසින් ය. සැබෑව නම් සුදු ඇඳගත් අපරාධකරුවන් රැසක් වසර පහක කාලයකට යටත්ව මාරුවෙන්-මාරුවට මේ සොඳුරු දිවයින ඛේදජනක ඉරණමක් වෙත රැගෙන යමින් සිටීම ය. නිදහසින් පසුව 71 වසරක ඉතිහාසය අපට උරුම කර ඇති සමස්ත ණය බර 2018 වසරේ අවසානය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 31.6 ක් පමණ වූ අතර ආසන්නව සෑම වසරක් තුලදීම අප ගෙවිය යුතු සමස්ත ණය වාරිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.9ක් වේ. නමුත්, ශ්‍රී ලංකා මහ බැංකු වාර්ථා වලට අනුව ඉන් ඩොලර් බිලියන 3ක් පමණක් අපට ගෙවීමට හැකියාව ඇති අතර ඉතිරි බිලියන 2.9 ගෙවීමට නැවතත් ණයක් ගැනීමට සිදු ව තිබේ. අමතරව,විඝණකාධිපතිවරයා පවසන ආකාරයට මේ වනතෙක් රජය රුපියල් ට්‍රිලියන 11ක පමණ ණය ගෙන ඇති බවට තොරතුරු ඇති අතර ඉන් රුපියල් ට්‍රිලියන 1.8ක් පමණක් වැය ශීර්ෂයන් සඳහා ගෙවා ඇති මුත් ඉතිරි රුපියල් ට්‍රිලියන 9.2 ට සිදුවූයේ කුමක්ද කියන්නට මේ කවුරු හෝ නොද නී. ට්‍රිලියනයක් යනු කෝටි ලක්ෂයක් බව වටහා ගන්න.
ආසන්නව ඔබේ නූපන් දරුවා ගේ කරමත ඇති ඒක පුද්ගන ණය බර රුපියල් ලක්ෂ 5 කි. මෙය තේරුම් ගැනීමට අපට අමුතුවෙන් රොකට් විද්‍යාවක් අවැසි නොවේ ය. ඔබ ජීවිත පරිත්‍යාගයෙන් අනුග්‍රහ දක්වන ඊනියා දේශපාලකයා කුමන හෝ පක්ෂයක සාමාජිකයෙකු වුව ද ඔවුන් එක සේ මේ දූෂිත ඡන්ද ව්‍යාපාරයේ එක පුරුකක්ම බව මතක තබා ගන්න,මේ හේතුව නිසාවෙන් දකුණු ආසියාවේ දූෂිතම රාජ්‍යයේ මුල් පදිංචිකරුවකු වන ඔබ ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව තවමත් සුන්දරම සංචාරක දිවයින තුල මුල් පදිංචිකරුවකු ද බව සිහියට ගන්න. කෙසේ වෙතත් මෙතුවක් ඉතිහාසයේ දේශපාලකයා කෙරෙහි ඔබ තබා ඇති සුන්දර බලාපොරොත්තුව නම් ඉතා සංවේදී ය. කරුණාකර ඔබේ පාට හෝ පක්ෂ හෝ මදකට අමතක කොට මේ කරුණ දෙස බුද්ධියෙන් විමසන්න.ඔබ බුද්ධිමත් නොවන තාක් මේකූට දේශපාලකයා බිලියනපතියන් වන්නේ ය. හොඳම නිදසුන් නම් ඔවුහු මේ දේශපාලන කරලියට ආ ගමන ගැන වූ යම් යම් විශ්ලේෂනයන් ප්‍රාමාණිකව අධ්‍යයනයේ දී අවුරුදු 15-20 ක කාල සීමාවක් තුල වත්කම නිරීක්ෂනය කරන්න. මේ කාලය තුල ඔබේ දියුණුව සහ ඔබ ප්‍රදේශයේ සිටි ප්‍රාදේශීය දේශපාලකයා අතර දියුණුව සිහියට ගන්න. එවිට ඔබේ මුදල් ඔවුන් තම පෞද්ගලික ගිණුම් තුල රඳවා ගත් අයුරු පසක් වේවි. එවිට ඔබ සහ ඔහු අතර වෙනස හොඳින්ම වැටහේ වි.

මෙසේ සිදුවන අපරාධයට ඔබද වක්‍රාකාරව සහය දී ඇත, අප අපේ මිණී වල අපි විසින්ම කපා ගනිමින් ය. ඔබ,ඔබේ නූපන් දුවා දරුවා ගේ පවා අනාගතයට වගකිව යුතු ය.

———

පාට පක්ෂ වලින් තොර වූ අපට මේ මොහෙතේ දී අවශ්‍යය දේශපාලන යථාර්තය

දූෂිත රටක් ගොඩනගන්න නම් ටික කලකට හෝ දැඩි තීරණ ගත යුතු නායකයින් බිහි විය යුතු ය. අතීතයේසිංගප්පූරුවෙන්ලී-ක්වාන්-යූ  වගේම වර්තමානයේ පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩොතර්ටි (Rodrigo Duterte) කදිම උදාහරණ ය. නීතිය අවනීතිය වූ ලක්දිව මීලඟ ජනපති ලෙසින් පැමිණිය යුත්තේ ද එවැනි ජගතෙකු මිස, සාම්ප්‍රදායික දේශපාලකයෙකු නම් තත්ත්වය තවත් බරපතලය. ඩොලර් මිලියන ගණනින් වංචා සහ දූශන වල  පවුල් පිටින් බඩ පිනුම් ගැසූ සියළූම ඊනියා දේශපාලකයෝ අද වන විට ජනතා අප්‍රසාදයට පත්වී හමාරය. සියළූම ප්‍රධාන පක්ෂයන් මේ වන විට අතාත්ත්විකය.

පසුගිය පාස්කු ඛේදවාචකය හරහා අප තවමත් ඔවුන්ගේ බිලි බවට 
සාධක සමඟින්ම ඔප්පු කලහ. තවත් එය සපත කරමින් සිටිති.  ගෝලීය දේශපාලනය එසේය. 2016 දී බලයට පත් වන  ඩොතර්ටි මේ වන විට තම දේශය ගොඩනගමින් ය.පිලිපීන ජනපති ගේ පැමිණීම සහ ඔහුගේ දැක්ම පිලිබඳ  ජාත්‍යන්තර  සටහන් සඳහා මේ ලිපිය බලන්න.

අප ප්‍රමාද නැත. ඔබේ වටිනා ඡන්දය අවභාවිත නොකරන්න. මේ වන විට එකම සාම්ප්‍රදායික දේශපාලකයන් ඔබේ වටිනා ඡන්දයට නොයෙකුත් බලාපොරොත්තු එක් කිරීමට පටන් ගෙන ඇත. ඒ, ලඟ එන ජනපතිවරණය සඳහා ය. සිහියට ගන්න, ඔවුන්ට මෙතුවක් කාලයක් තුල සිදු කිරීමට නොහැකි වූ දියුණුවක් ඉදිරි වසර 5ක කාලයේ දී සිදුකල හැකි ද? නැත. සිතන්න, ඔවුන් ගේ දුවා දරුවන්ගේ සුඛ විහරණය උදෙසා ඔබේ දුවා දරුවාව බිල්ලට නොදෙන්න.මීලඟ ලක්දිව ජනපති විය යුත්තේ කුමන ආකාරයේ ජනතා පලකයෙක් ද? පිළිතුර මහාචාර්‍යය අත්තනායක M හේරත් විසින් දෙන පිළිතුර මෙවැන්න කි. 

YouTube වීඩියෝව නැරඹීම සඳහා Click කරන්න.

අප සැමට ඇත්තේ එකම අයිතිය කි. ඔබට එසේ හෝ නොවැටහේ නම් කණගාටුවීම හැර වෙන යමක් නොවේ ය.
මේ ලක්බිමෙ හි අවසාන අවස්ථාව යි!

සටහන | චතුර්ක වින්දන හේවගේ 11.09.2019


Comments

Popular posts from this blog

ආකර්ෂන න්‍යාය සහ බෞද්ධ දර්ශනය [The Law Of Attraction and the Buddhism]

සුවිශේෂී වමත් කරුවන් ගැන විවරණය කි.

ස්වර්ණමය අනුපාතය සහ ෆිබොනාචි ශ්‍රේණිය [Golden Ratio and the Fibonacci Sequence]

සිත සහ චිත්තක්ෂනය

පදාර්ථය සහ ශුද්ධාෂ්ඨකය [Particles,Science, & Buddhism]

කාලය සහ මම

Philosophy for life - Time and I

ලාංකික අප, පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම්

බහු පෞරුෂත්වයේ ආබාධය හෙවත් විඝටිත අනන්යතා ආබාධය [Dissociative Identity Disorder]