Posts

Showing posts from September, 2019

කාලය සහ මම

Image
මම, ඔබ සහ කාලය පිලිබඳ සංකල්පයෙන් ලොවත් සමඟ බැඳී පවතිමි. ඔබ කාලය කලමනාකරණය සම්බන්ධව ඕනෑතරම් අභ්‍යාසයයන් වල නිරතව ඇති.මේ ලොව තුල එක් එක් ප්‍රාණීනට ඇත්තේ තම තමනට අදාල ජීවීත කාලයකි. උදාහරණයකට මනුශ්‍යය අපගේ උපරීම ජීවන කාලය අවුරුදු 120 ලෙස සලකත්. ඉබ්බාගේ ජීවිත කාලය ආසන්නව ශතවර්ෂ එක හමාරකි,සාපේක්ෂව මිනිසාගේ නම් බොහෝ විට පරම්පරා 2ක් හෝ 3 කි. ඔබ අප දන්න කෘමි සතුනගේ ජීවිත කාලය ප්‍රාමාණිකව අපට සාපේක්ෂව අඩු කාලයකි. බොහෝ විට අවුරුදු නොව,මාස නොව, දින කිහිපයකි. සාගරය තුල සිටිනා එක් එක් ජීවීන් අතර ඇත්තේ ද ගොඩබිම සිටිනා අප මෙන්ම විවිධ වූ ආයුෂ කාලයන් ය. ජීව විද්‍යාවේ සඳහන් වන ලෙස කැස්බෑවා ආසන්නව අවුරුදු 150 ක් පමණ ජිවත් වෙයි. සත්ත්ව ලෝකයේ වැඩිම ආයුෂ ප්‍රමාණයක් භුක්ති විඳින සතුන් වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ සාගරය තුල බව ඔබ දැන සිටියා ද? වැඩිම ජීවින කාලයක් ගත කරන්නේ, එක් මතයකට අනුව මුහුදු ජීවියෙක් වන බෙල්ලෙකි.ඒ උතුරු අත්ලාන්තික් සාගරයේ ජීවත් වන Ocean Quahog Clam නම් මුහුදු බෙල්ලා ය. වාර්ථාවන පරිදි ආසන්නව අවුරුදු 507 කි. අපේ  නම් පරම්පරා 8කට හෝ ඊට ආසන්න අගයකි. අනෙක් මතයට අනුව, මධ්‍යධරණී මුහුදේ ජීවත් වන