සුවිශේෂී වමත් කරුවන් ගැන විවරණය කි.

I may be left-handed, but I am always Right"  (කියමනකි).ආසන්න වශයෙන් ලෝක ජනගහනයෙන් 90% - 93% ප්‍රමාණය දකුණත් කරුවන් ය. එසේ නම් වැඩි ප්‍රතිශතයක් ඉන්න දකුණත් කරුවන් අතර ඉතිරි 10% - 7% ක ප්‍රමාණය සුවිශේෂී ය. මේ ඒ සුවිශේෂී වමත් කරුවන් ගැන විවරණය කි.මානවයා මෙසේ වමත් සහ දකුණත් ලෙස ජානමය ලෙසම කොට්ඨාශ දෙකකට බෙදෙන අතර මොළයෙහි දකුණු අර්ධගෝලයෙන් ශරීරයේ වම් පස ද වම් අර්ධගෝලයෙන් ශරීරයේ දකුණු පස ද පාලනය වෙයි.එසේනම් වමත් කරුවකුගේ ශරීරය මොලයෙහි දකුණු පසින් පාලනය වෙයි.මේ සම්බන්ධව බොහෝ පර්යේශන මේ මොහොතේ පවා සිදුවන අතර වැඩිමනත් අයත් වන්නේ මානව චර්යා රටාවන් පිලිබඳ අධ්‍යයනයන් ය.


ලෝක ඉතිහාසය පිරික්සීමේ දී සමාජයේ විශාල වෙනස්කම් කල පුද්ගලයින් වමත් කරුවන් වූ බව ඔබ දැන සිටියා ද? බැරැක් ඔබාමා,ජෝන් එෆ් කෙනඩි,ලියනාඩෝ ඩාවින්සි,ටොම් කෲස්,චාර්ලි චැප්ලින්,ඔප්‍රා වින්ෆ්‍රී,මාර්ක් ට්වේන්,මඉකල් ඈන්ජලෝ,බිල් ගේට්ස්,නීල් ආර්ම්ස්ට්‍රොන්ග්.
https://www.biography.com/people/groups/famous-leftiesමේ ඔවුන් පිලිබඳ සවිස්තරාත්මකව දැන ගැනීම පිණිස අන්තර්ජාල දිගුව යි.
මානවඥයින්ගේ අදහස අනුව බොහෝ වමත්කරුවන් නිර්මාණශීලි වන අතර සමාජය දෙස පුළුල් මනසකින් බලා ජීවත් වන්නන් ද වන බවය.තව ද, වමත් කරුවන් අතරින් පිරිමි වමත් කරුවන් බහුල වන අතර ගැහැණු වමත් කරුවන් අල්පය.එසේ නම් ඔබ,වමත් සහ ගැහැණු යන සාධක ද්විත්වය ම සම්පූර්ණ කර ඇත්තියක් නම්...ඔබ, සුවිශේෂී ය.සුභ පැතුම්!!!


මෑතක කරන ලද පරීක්ෂන වලින් පෙන්නුම් කරන්නේ,ගිරා කුළයේ පක්ශියකු වන කොකටූ (Sulphur Crested Cockatoo) පූර්ණ වමත් කරුවන් බවයි.කැන්ගරුවන් තම දිනපතා කාර්යයන් සඳහා වමත් වීමට වැඩි කැමැත්තක් දක්වන අතර ගෘහ ආශ්‍රිත සුනඛයන්,අශ්වයන් සහ පූසන් ගේ ගැහැණු සතුන් දකුණත් වන අතර,වමත් කරුවා වන්නේ පිරිමි පක්ෂය යි.


සැම වර්ෂයකම අගෝස්තු මස 13 වන දිනය ලෝක වමත් කරුවන්ගේ දිනය යි.


"ඒ ඔබේ දිනය යි"....
මේ ලිපිය ලියන මා,දකුණත් වුව ද ඔබ සුවිශේෂී බැවින්, මෙය සියළු වමත් කරුවන් වෙනුවෙන් මෙසේ දිග හරිමි...
සටහන|චතුර්ක වින්දන හේවගේ
05.07.2017

Comments

  1. මේ ගැන ඔබගේ අදහසක් දාලම යන්න, අමතක කරන්න එපා...😊

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ආකර්ෂන න්‍යාය සහ බෞද්ධ දර්ශනය [The Law Of Attraction and the Buddhism]

ස්වර්ණමය අනුපාතය සහ ෆිබොනාචි ශ්‍රේණිය [Golden Ratio and the Fibonacci Sequence]

පදාර්ථය සහ ශුද්ධාෂ්ඨකය [Particles,Science, & Buddhism]

සිත සහ චිත්තක්ෂනය

කාලය සහ මම

දූෂණයෙන් හරස්කඩක් {ශ්‍රී ලංකාව}

Philosophy for life - Time and I

ලාංකික අප, පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම්

බහු පෞරුෂත්වයේ ආබාධය හෙවත් විඝටිත අනන්යතා ආබාධය [Dissociative Identity Disorder]