දූෂණයෙන් හරස්කඩක් {ශ්‍රී ලංකාව}
Source: www.interpol.int ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානය හෙවත් International Criminal Police Organization (𝗜𝗡𝗧𝗘𝗥𝗣𝗢𝗟) විසින් දූෂණය මෙසේ විස්තර කර ඇත (කළු අකුරින්). ලාංකික අපට කෙසේ ගැලපෙනවා ද? එකින් එක ගෙන, සරලව බලමු. 𝗬𝗼𝘂, 𝘁𝗵𝗲 𝗲𝗰𝗼𝗻𝗼𝗺𝘆, 𝗰𝗼𝗺𝗽𝗮𝗻𝗶𝗲𝘀 𝗮𝗻𝗱 𝗲𝗻𝘁𝗶𝗿𝗲 𝗻𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝗰𝗮𝗻 𝗮𝗹𝗹 𝗯𝗲 𝗮𝗳𝗳𝗲𝗰𝘁𝗲𝗱 𝗯𝘆 𝗰𝗼𝗿𝗿𝘂𝗽𝘁𝗶𝗼𝗻. ඔබ, ආර්ථිකය, සමාගම් සහ සමස්ත ජාතීන් සියල්ලම දූෂණයට ගොදුරු විය හැකිය. [ මේ වන විට ශ්‍රී ලාංකික අප නම් පුරා දසක හතක සිට බැට කමින් ය. ඉහත කියමන නිවැරදි ය. අප ඔප්පු කරමින් ය ] 𝗖𝗼𝗿𝗿𝘂𝗽𝘁𝗶𝗼𝗻 𝗶𝘀 𝘂𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗮𝗹. 𝗜𝘁 𝗮𝗳𝗳𝗲𝗰𝘁𝘀 𝗮𝗹𝗹 𝗿𝗲𝗴𝗶𝗼𝗻𝘀 𝗼𝗳 𝘁𝗵𝗲 𝘄𝗼𝗿𝗹𝗱 𝗮𝗻𝗱 𝗮𝗹𝗹 𝗹𝗲𝘃𝗲𝗹𝘀 𝗼𝗳 𝘀𝗼𝗰𝗶𝗲𝘁𝘆, 𝗯𝘂𝘁 𝘁𝗵𝗲 𝗶𝗺𝗽𝗮𝗰𝘁 𝗶𝘀 𝗴𝗿𝗲𝗮𝘁𝗲𝘀𝘁 𝗶𝗻 𝗱𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗶𝗻𝗴 𝗰𝗼𝘂𝗻𝘁𝗿𝗶𝗲𝘀. දූෂණය විශ්වීය යි, එය ලෝකයේ සෑම ප්රදේශයකටම සහ සමාජයේ සෑම තරාතිරමකටම බලපාන නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම බලපෑම විශාලතම වේ. [ සංවර්ධනය වන රටවල් අතර අප තවමත් වැජඹෙමින් ය. සෑම විට...