Posts

අපේ හෙට දවස සහ නූතන දේශපාලනය

Image
රටක උගත් පිරිස  සාපේක්ෂව සහ ප්‍රාමාණිකව වැඩි කොටසක්  මුදල් උපයයි.මෙතන උගත් යනු අධ්‍යාපන සහතික පමණක්ම නොවේ. ඔවුහු,නිෂ්පාදන ක්‍රියාවලියට උපරිම දායකත්වයක් දෙන පිරිසය.ආසියාවේ සාක්ෂරතාවය අතින් ඉහලින්ම සිටින රටක ජීවත් වන අප,  ආර්ථික විද්‍යාවට අනුව  තවමත් දියුණු වෙමින් පවතින රට කි . මෙයට සෘජුවම බලපාන හේතු අල්පයෙකි.ඉන් ප්‍රධානම සාධකය  නූතන  දේශපාලන න්‍යාය සහ එහි රටාව යි. රටේ මුල් පුරවැසියාගේ සිට අඩියටම අප ස්වයංව සිතිය යුතු කාරණය කි.  ඒ, මේ රට කුඩා ස්වාධීන රාජ්‍යක් බවත් පරිපාලනික වශයෙන් අපට ඉහල ප්‍රතිපත්ති ඇති බවත් ය. නොයෙක් පාට වලින් පක්ෂ තිබුන  ද ඔවුන්ගේ දැක්ම එකම දිශානතියකට තිබිය යුතුම බවත්ය.  නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට ගෘහ සේවිකාවන් ලෙස පිටට විකිණූ මවගෙන් මුදල් හම්බකරගෙන දුවන රටක් ලෙස අප හංවඩු ගැසී අවසන් ය. දකුණු ආසියාවෙන් අරාබි කරයට  වහල් ගෘහ සේවිකාවන්  ලෙස අපනයනය කරන රටවල් අතර අපි ඉහලින්ම සිටී .අසල්වැසි ඉන්දියාව සහ පකිස්ථානය  ද  එසේ නොකර යි. නේපාලය,බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අන්ත දුගී ගෘහ ...

සෙල්ෆී නම් මානසික ව්‍යාධිය [Selfie Mania]

Image
සෙල්ෆී ඉතිහාස කථාව ගැන දැන ගනිමු (The history of selfie culture) තමාගේම චිත්‍රයක් සෙල්ෆී ආකාරයෙන් ඉතිහාසයේ පලමුව හමුවෙන්නේ Parmigianino (1503-1540) නම් ඉතාලි ජාතික ච්ත්‍ර ශිල්පියා ගෙනි.එය උත්තල කැඩපතක් හරහා ලබා ගත් තමාගේම රුව ලෙස නම් කර ඇත (Self-portrait in a convex mirror – in 1524). මෑත ඉතිහාසයේ සෙල්ෆී ආකාරයෙන් ගත් ඡායාරූපයක් හමුවෙන්නේ රොබර්ට් කොර්නිලස් (Robert Cornelius) යන ඇමරිකානු ඡායාරූප ක්ෂේශ්ත්‍රයේ පුරෝගාමියා  1839 දී තම නිෂ්පාදනයක් වූ Daguerreotype කැමරාවෙන් ඔහුගේම ඡායාරූපයක් ගත් අවස්ථාවකි. මේ දිනවල කවුරුත් කරන සෙල්ෆී කථාව ගැන දැන ගනිමු (the rise of selfie culture). ඔබ ඇත්තටම සෙල්ෆී ලෝලියෙක් නම් මේ කථාව ගැන දැන ගැනීම වඩාත් යොග්‍ය යැයි සිතමි. සෙල්ෆී යනු පුද්ගලයෙකුගේ ඡායාරූපයක් සහ එය ඔහු විසින්ම ඉතා ලඟ කෝණයක් හරහා රූපගත කරන ලද්දක්.ඇත්තටම මේ වචනය ව්‍යවහාරිකව අප අතරට පැමිණිය ද ලිඛිතව ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝශයේ 2013 (Oxford Dictionary 2013 edition) වසරේ සිට අප හට  දායාද විය. එය මෙසේ සඳහන් වෙයි. “When an individual hold...

ආකර්ෂන න්‍යාය සහ බෞද්ධ දර්ශනය [The Law Of Attraction and the Buddhism]

Image
බටහිර දර්ශනයට අනුව; ආකර්ෂන   න්‍යාය ( The Law Of Attraction-LOA)   සරලවම පවසන්නේ   අප අවධානය යොමු කරන ඕනෑම දෙයක් අපේ ජීවිතයට ආකර්ෂණය කර ගැනීමේ හැකියාවයි . වයස , ජාතිය හෝ ආගමික විශ්වාසයන් නොතකා , විශ්වය පාලනය කරන න්‍යාය  වලට අපි සියලු දෙනාටම ආකර්ෂණය වන   ස්වභාවයක්   ලෙස සැලකිය හැකිය . ආකර්ෂණීය න්‍යාය  යනු අපගේ සිතුවිලිවල ඇති ඕනෑම දෙයක් යථාර්ථය බවට පරිවර්තනය කිරීම සඳහා මනසේ බලය යොදා ගැනීම යි . මූලික වශයෙන් ගත් කල , සියලු සිතිවිලි අවසානයේදී සිදුවනු ඇත . අප දෙයක අවශ් ‍ යතාවය සෘණාත්මකව අවධානය යොමු කරන්නේ නම් ,  ඒවා අඳුරු සිතුවිලි ලෙසම  පවතිනු ඇත . අප ධනාත්මක සිතුවිලි කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් , අප අරමුණු කරගත් ඉලක්කයන් ඉලක්ක කර ගන්නේ නම් දැවැන්ත ක්රියාමාර්ගයකින් ඔවුන්ව සඵල කර ගැනීමට ක්රමයක් පහසුවෙන්ම සොයා ගැනීමට මඟ පෑදේ. ආකර්ෂණ න්‍යාය  භාවිතා කරන්නේ කෙසේද? බටහිරුන් පවසන පරිදි  ආකර්ෂන  න්‍යාය  ජීවිතයේ ලොකුම අභිරහස් අතුරින් එකක්...