මොනවද මේ ආකාශ වාර්ථා ? [The Akashik Records]

භවයෙන් භවයට රැගෙන යන ක්ශය නොවූ සිත් පරම්පරාව භෞතිකව පවතින්නේ කෙසේ ද?මෙම නොනැසී පවතින විඤ්ඤානය,සත්ත්වයකු ප්‍රතිසන්ධියක් ලබන මොහොතෙහි නැවත සම්බන්ධ වන්නට නම් කුමන හෝ ප්‍රභවයකින් විශ්වයේ කුමන හෝ ස්ථානයක නොනැසී පවතින බව හඟව යි.නමුත් එම පවතින ආකාරය ගැන සහ ප්‍රභවය ගැන විවිධ මත ඇති අතර,එම මත වලින් වඩාත් වැඩි අවධානයක් ලබාගෙන ඇත්තේ අවුරුදු 5000 කට වඩා අතීතයක් ඇති සංස්කෘත වදනකින් හඳුන්වන "ආකාශ ලේඛන" හෝ "ආකාශ වාර්ථා" ලෙසයි.

මේ Akashik Records මතය යි....

එය අභ්‍යාවකාශයේ සැඟවීගිය පුස්ථකාලයක් ලෙස ආකෘතියකින් ඉදිරිපත් කරන අතර ඇතමෙකු මෙය "Universal Wide Web" වැනි විශ්වීය බසකින් ලියැවී ඇති සන්කල්පයක්ලෙස ද ත්‍රිමාන යථාර්තයක් (the Three Diamentional Destiny) ලෙස ද හඳුන්වා ගනී. තවද දිව්‍යය අනුකෘතිය (the Devine Matrix), මහා පුස්තකාලය (the Great Library),අන්තරීක්ශ පරිඝනකය (the Cosmic Computer) හා විශ්වීය මනස (the Universal Mind) වැනි බොහෝ නම් වලින් ද හදුන්වයි.


ආධ්‍යාත්මිකව සිත සුසර කළ අයෙකුට තමාට අදාලවන ආකාශ වාර්ථා පෙරලා බැලිය හැකි වන අතර එහි තමාගේ පෙර ජීවිත පිලිබඳ සියළු විස්තරයන් ද වර්ථමාන තත්ත්වය ද ඉදිරි ජීවිත පිලිබඳ (Pre-determined destiny) යම් යම් ඉඟි ද පවතින බවක් හඟව යි.පෙරදිගින් අපට හමුවන "නාඩි වාක්‍ය" ද මෙම සන්කල්පයම බවත් හඳුනා ගනී.

ඔවුනට අනුව;

දීර්ඝ විස්තර කිරීමක් සහ ප්‍රායෝගික භාවිතයක් බටහිරින් සවිස්තරාත්මකව හමු වන්නේ ඇමෙරිකානු ජාතික පර්යේශකයෙකු / දිවැසි වරයෙකු ලෙස එවකට ප්‍රචලිතව සිටි "Edgar Cayce එඩ්ගා කේසි (1877 -1945)" ගෙනි.ඔහු කිසියම් මානසික බලයකින් හුදී ජනයාගේ ලෙඩ සුවකල බවක් ද එම සුව කිරීම් මානසිකව සිදු කල බවක්ද සඳහන් වේ.තව ද ඔහු විසින් ඕනෑම අයෙකුගේ වර්ථමාන රෝගයට හේතුව පෙර කරන ලද කර්මානුකූල ප්‍රතිඵලයක් වන බවත් එම හේතුවට වර්ථමානයෙන් අස්වැසිල්ලක් සලසන බවත් සැල කල ඔහු සියළුම තොරතුරු ලබා ගත්තේ එකිනෙකාට ආවේනිකව තිබූ ආකාශ වාර්ථාවල "කියවීමකින්" බවත් සැල කරන ලදී.බටහිරුන් පුනර්භවය ට හෝ නැවත සත්ත්වයාගේ ඉපදීමක් සිදුවන බවක් මූලිකවම වැඩි පිලිගැනීමට ලක්වූයේ එඩ්ගා කේසිගේ මෙම "කියවීම්" සන්කලපය නිසාය.

එඩ්ගා කේසිට අනුව,කිසියම් සත්ත්වයෙකුගේ ඉතිහාසයේ සිදුවී ඇති සියළුම කරුණු කාරනා,හැඟීම්,චින්තනයන්,අභිප්‍රායන් සහ සෑම වචනයක් ම විශ්වයේ තැන්පත්ව ඇති අතර එම වාර්ථා වෙනත් අයෙකුට වුවද පිරික්සා බැලිය හැකි බවකි. ඔහු විසින් කරණ ලද්දේ එවැන්නක් බවත්,නව අදහස් වරින් වර තෝරාගත් පුද්ගලයින්ගේ චිත්ත සන්තාසයට ලැබෙන බවත් "නව සොයා ගැනීම්" වලට හේතුව වන්නේ ද මෙය බවත් වැඩි දුරටත් පවසා ඇත.

ගෞතමයන් වහන්සේට අනුව;

ගෞතමයන් වහන්සේ මෙවැනි භෞතික සංකල්පයන් සඳහා වැඩි වැදගත් කමක් නොපෙන්වූයේ මෙවැනි විෂය පථයන් පෘථග්ජන මනසට ගෝචර වන ප්‍රමාණය මිණිය නොහැකි තරම් කුඩා බවක් නිසාය. තව ද සත්ත්වයෙකුට මෙම සසර භවයෙන් නිදහස් වීමට නම් ඒ සඳහා අවශ්‍යය සියළුම ධර්මයන් දැනටමත්දේශනා කර ඇති අතර, ක්ලේශ වලින් පිරුනු ලෝක සත්ත්වයාගේ සිත ශුන්‍යයත්වය කරා ලඟා කරවීම බුදුන්වහන්සේලාගේ ඒකායන අරමුණ ම වූ බැවින් මේවාට දුන් වැදගත් කම ඉතාම අඩු
විය.එක් එක් සත්ත්වයාට අයත්වන විඥාන ධාතුව ගැන ඉතා මැනවින් දේශනා කර ඇති බුදුන් වහන්සේලා එම විඥාන ධාතුවෙහි භෞතික සැකැස්ම හෙවත් "රූප ධර්මතා" පවතින ආකාරයක් නොපෙන්වන අතර එහි සැබෑවටම පවතින්නේ "අරූපී ධර්මතා (නාම ධර්ම)" පමණක් බැවින් ද එහි "හැසිරෙන ආකාරය සහ ක්‍රියාකාරීත්වය ට" පමණක් ප්‍රමුඛතාවයක් ලබා දුන්හ.අනේකවිධ දුක් විඳිමින් සසර පුරා සැරිසරන විඥාන ධාතුව නිරුද්ධ කිරීමට අවශ්‍යය "පරම සත්‍යය"පමණක්ම දේශනා කලහ.

ඔබට මේ සම්බන්ධව බොහෝ කරුණු අන්තර්ජාලය ඇසුරින් රැස්කර ගත හැකි අතරම කෙටි වීඩියෝවක ලින්ක් එක පහත සඳහන් කර ඇත.ඔබගේ වටිනා අදහස් වලට හෝ තව දුරටත් දැන ගැනීමට (සංවාදයට) විවෘත යි.



 සටහන|චතුර්ක වින්දන හේවගේ
  30.06.2017

Comments

  1. මොනවද මේ ආකාශ වාර්ථා (The Akashik Records)?

    භවයෙන් භවයට රැගෙන යන ක්ශය නොවූ සිත් පරම්පරාව භෞතිකව පවතින්නේ කෙසේ ද?

    මෙම නොනැසී පවතින විඥානය,සත්ත්වයකු ප්‍රතිසන්ධියක් ලබන මොහොතෙහි නැවත සම්බන්ධ වන්නට නම් කුමන හෝ ප්‍රභවයකින් විශ්වයේ කුමන හෝ ස්ථානයක නොනැසී පවතින බව හඟව යි.නමුත් එම පවතින ආකාරය ගැන සහ ප්‍රභවය ගැන විවිධ මත ඇති අතර,එම මත වලින් වඩාත් වැඩි අවධානයක් ලබාගෙන ඇත්තේ අවුරුදු 5000 කට වඩා අතීතයක් ඇති සංස්කෘත වදනකින් හඳුන්වන "ආකාශ ලේඛන" හෝ "ආකාශ වාර්ථා" ලෙසයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ආකර්ෂන න්‍යාය සහ බෞද්ධ දර්ශනය [The Law Of Attraction and the Buddhism]

ස්වර්ණමය අනුපාතය සහ ෆිබොනාචි ශ්‍රේණිය [Golden Ratio and the Fibonacci Sequence]

සුවිශේෂී වමත් කරුවන් ගැන විවරණය කි.

පදාර්ථය සහ ශුද්ධාෂ්ඨකය [Particles,Science, & Buddhism]

සිත සහ චිත්තක්ෂනය

කාලය සහ මම

දූෂණයෙන් හරස්කඩක් {ශ්‍රී ලංකාව}

Philosophy for life - Time and I

ලාංකික අප, පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම්

බහු පෞරුෂත්වයේ ආබාධය හෙවත් විඝටිත අනන්යතා ආබාධය [Dissociative Identity Disorder]