බුදු දහම ආත්මවාදී ද?

ආත්මයක් ගැන පැවසීම හැක්කේ සත්ත්වයකුගේ දෘශ්ඨියක් ඇත්නම් පමණෙකි.සරලවම පැවසුවහොත් සත්ත්වයෙකුගේ පැවැත්මක් නොමැති තැන ආත්ම හෝ අනාත්මයක පැවත්මක් ගැන සඳහනක් සිදුකල හැකි ද? මේ නිසා පැහැදිලිවම සඳහන් කල යුත්තේ බුදු දහම ආත්ම වාදී හෝ අනාත්මවාදී ලෙස එක් අන්තයකට සිර වී නොමැති වග යි.
මන්ද,පරම සත්‍යයට අනුව අවබෝධ කල පසු මමත්වයක් හෝ මම කියා කිසිවෙක් නොමැති නිසා ය.ආත්ම වාදී සංකල්පය හින්දු සහ ජෛන ආගමෙන් පසු කාලීනව බුදු දහමට එක්වූ කරුණු ය.තව ද,මේ මොහොත ගැන පමණක් කථාකල "පරම සත්‍ය" වන්නේ අභිධර්මය යි.
මොකක්ද මේ මොහොත?
උදාහරණයක් ලෙස,ඔබ දැන් ඔබගේ ගෙදර සිහියට ගන්න.ඇත්තටම ඔබේ සිතෙහි මැවෙන්නේ දැන් තිබෙන ගෙදරම ද නැත්නම් ඔබේ ගෙය පිලිබඳ කලින් සිතට සිතට දමා ගත් සංඥාවක / චිත්‍රයක ආවර්ජනයක් ද?

එය මේ මොහොතේ තිබෙන නිවස නොවන අතර,මතකයට පැමිණියේ කලින් සිතට ඇතුළු කරගත් නිවසෙහි සංඥාව කි.හේතුව වන්නේ ඔබ සිතන ගෙදර සමහර විටෙක එතන දැන් නොතිබෙන්නට පිලිවන් බැවිනි.ඔබ මෙනෙහි කලේ සැබෑවටම මේ මොහොතේ පවතින නිවස නොවන බැවිනි.එසේ නම් ඔබට අනුව සිහියට ලඟා කර ගන්නා ලද්දේ ඔබ විසින් සිතේ ඇඳ ගන්නා ලද චිත්‍රයක් පමණි.සංඥාවක් පමණි.

"අප ජීවත් වන්නේ කලින් අප සිත තුල තැන්පත් කරගත් සංඥා වල ය ".

මේ මොහොත යනු කලින් තැන්පත් කරගන්නා ලද සංඥා වල ජීවත් නොවීම යි.මේ මොහොතේ සිතට එන අරමුණු මත සිත පිහිටවීම යි.
අප උපන්දා සිට මේ මොහොත දක්වා සිත තුල සංඥා බොහෝමයක් කැටි කරගෙන ඒවා නිතර නිතර ආවර්ජනය කරමින් කාලය ගත කරයි.නොපැමිණි අනාගතයක් මෙනෙහි කරමින් සිටියි.ඇත්තෙන්ම මවාගත් ලෝකයක සැරිසර යි.
එම නිසා අප මේ මොහොතේ පමණයි සිහියෙන් සිටිය යුත්තේ.අතීතය දැවී ගොසින් ය.අනාගතය ක් තවම පැමිණ නැත්තේම ය.වර්තමානය පමණක් පවති යි. අප ජීවිත ගමන යනු සිතිවිලි පරම්පරාවක පැවැත්මක් පමණයි.මේ ගෙවමින් ඉන්නේ මේ මොහොතයි.

පරම සත්‍යයට අනුව ජීවියෙකුගේ සිතෙහි උපදින ප්‍රථම සිත ප්‍රතිසන්ධි සිත යි.වර්ථමානයේ ජීවත් වන්නේ භවාංග සිත් වලින් අතර ජීවිතය අවසන් වන්නේ චුති සිතෙනි.කෙසේ හෝ වේවා මෙය චක්‍රයෙකි.ඔබේ ඊලඟ භවය සකස්වන්නේ වර්ථමානයේ සිදු කරන ක්‍රියාකාරකම් මතිනි.මෙය පරම සත්‍යය හෙවත් අභිධර්මයේ සිත පිලිබඳ විග්‍රහ කර ඇති සරල තේරුම යි.ගෞතමයන් වහන්සේ දක්වන පරිදි මේ සියලු වචන හෝ දැනුම අවබෝධයට "අනවශ්‍ය" වන අතර සියල්ලෙන් නිදහස් වීමට නම් මමත්වයෙන් බැහැර විය යුතුම ය. මමත්වයේ අගය ශුන්‍යය කල යුතුය.ඒ, වචන වලින් හෝ දැනුමෙන් අවබෝධයක් නොලැබෙන බැවිනි.

සටහන|චතුර්ක වින්දන හේවගේ
27.06.2017


Comments

  1. "අප ජීවත් වන්නේ කලින් අප සිත තුල තැන්පත් කරගත් සංඥා වල ය ".

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ආකර්ෂන න්‍යාය සහ බෞද්ධ දර්ශනය [The Law Of Attraction and the Buddhism]

ස්වර්ණමය අනුපාතය සහ ෆිබොනාචි ශ්‍රේණිය [Golden Ratio and the Fibonacci Sequence]

සුවිශේෂී වමත් කරුවන් ගැන විවරණය කි.

පදාර්ථය සහ ශුද්ධාෂ්ඨකය [Particles,Science, & Buddhism]

සිත සහ චිත්තක්ෂනය

කාලය සහ මම

දූෂණයෙන් හරස්කඩක් {ශ්‍රී ලංකාව}

Philosophy for life - Time and I

ලාංකික අප, පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම්

බහු පෞරුෂත්වයේ ආබාධය හෙවත් විඝටිත අනන්යතා ආබාධය [Dissociative Identity Disorder]